දවසේ ලග්න පලාපල – 2024 අගෝස්තු මස 19 වන සඳුදා

දවසේ ලග්න පලාපල – 2024 අගෝස්තු මස 19 වන සඳුදා

රාහු කාලය
7:36 am – 9:08 am

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
වයඹ

Qries

මේෂ

ශුභාශුභ මිශ්‍රඵල දෙන ශුභදායි දිනකි. ශුභ ගමන් මෙන්ම දාන ශීලාදී ගුණදහම් ඇති කරන අතර යහපත් සිතුවිලි වර්ධනය වන දිනකි. තම ඥාති මිත්‍රාදීන් සමීප කෙරෙන දිනකි. සිරසගත පීඩා, උගුරේ අමාරු ඇතිවේ.

Date: 2024-08-19

ජය අංකය: 05
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

හදිසි ගමන් යෙදෙන අතර ආධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි සිත යොමුවන දිනකි. ප්‍රීති උත්සව, සාද වැනි දේවල් ද යෙදෙන අතර සතුරන් ද දමනය වෙයි. වැයපස ද ඉහළ යන දිනකි. සන්ධි රෝග, ඉදිමුම් රෝග මතු කරයි.

Date: 2024-08-19

ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

නව නිර්මාණකරණයට හේතුයි. දහමට ද ළැදි වෙයි. සතුරු බලපෑම් යටපත් වන අතර දාන ශීලාදී ගුණ දහම් වර්ධනය වන, එවැනි ක්‍රියාවන්හි යෙදෙන දිනකි. වැයපස තරමක් ඉහළයි. මුත්‍රා ආසාදන රෝග මතු කරයි.

Date: 2024-08-19

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

කටක

තරමක් අවිවේකී දිනකි. සියලු බැඳීම්වලින් නිදහස්ව දහමට අවතීර්ණව ක්‍රියාකරන දිනකි. තම ඥාති මිත්‍රාදීන් ද දහමට යොමුකරවයි. සැහැල්ලු මනසින් දවස ගෙවෙයි. සෙම් කෝප රෝග, උෂ්ණ රෝග මතු කරයි.

Date: 2024-08-19

ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ගුරුවර, දෙමව්පියන් සමග ඒකරාශීව ක්‍රියාකරයි. දහමට ළැදිව ක්‍රියා කරයි. දාන ශීලාදී ගුණදහම්වල යෙදේ. උත්සව සාද වැනි දේවල් ද යෙදේ. ස්නායුගත රෝග, නහර වේදනා මතු කරයි.

Date: 2024-08-19

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

ගමන් බිමන් යෙදේ. වන්දනාගමන්, විනෝද ගමන් යෙදෙන අතර ඥාති මිත්‍රතා බහුල වෙයි. පොදු සමාජ සද්කාරක ක්‍රියාකාරකම් ආදියෙහි යෙදේ. ආගමික පුද පූජා වැනි ක්‍රියාකාරකම්වලට සහභාගි වේ. අම්ලපිත්ත රෝගාදිය මතුවේ.

Date: 2024-08-19

ජය අංකය: 03
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

ක්‍රියාකාරි දිනකි. සුපුරුදු ක්‍රියාකාරකම්වලින් අත්මිදී දහමට ළැදිව ක්‍රියා කරයි. දාන ශීලාදී ක්‍රියාකාරකම්වල ද යෙදෙන දිනකි. පොදු උත්සව, සමිති සමාගම්වලට ද සහභාගි වීමේ අවස්ථා යෙදේ. සෙම් බහුල රෝග මතුවේ.

Date: 2024-08-19

ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ආගමික උත්සව සංවිධාන කිරීම්, ඒවාට සහභාගිවීම් ආදියට හේතුයි. තම ඇසුරු කරන්නෝද දහමට යොමු කරවයි. තරමක් වියපැහැදම් අධික වන දිනකි. ශාරීරික පීඩා, ආමාශගත රෝග මතු කරයි.

Date: 2024-08-19

ජය අංකය: 09
ශුභ වර්ණය: දුඹුරු
Qries

ධනු

ක්‍රියාකාරි දිනකි. ආගමික උත්සව, පුද පූජා වැනි ක්‍රියාකාරකම්වල යෙදෙන අතර තම ඥාති මිත්‍රාදීන් ද ඒ සඳහා සහභාගි කරවන දිනකි. හදිසි ධන ලාභ නොදෙයි. අර්ශස් රෝග, භගන්දර මතු කරයි.

Date: 2024-08-19

ජය අංකය: 07
ශුභ වර්ණය: කහ
Qries

මකර

ශුභාශුභ ඵල දෙයි. වන්දනා ගමන් බිමන්, විනෝද ගමන් යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. ආගමික වතාවත් පුද පූජා වැනි දේවල්වල යෙදේ. හදිසි ලාභ ලබයි. කොන්දේ රෝග, සන්ධි රෝග මතුවේ.

Date: 2024-08-19

ජය අංකය: 08
ශුභ වර්ණය: දම්
Qries

කුම්භ

ක්‍රියාකාරි දිනකි. සතුරු බලපෑම් එල්ල වීමට ඉඩ ඇති අතර බුද්ධියෙන් ක්‍රියාකළ යුතු ආගමික වතාවත්, දාන ශීලාදී ගුණදහම්වලට යොමුවෙයි. බලාපොරොත්තු නොවන ලෙස වැයපස ඉහළයි. සෙම් රෝග, උෂ්ණ රෝග මතුවේ.

Date: 2024-08-19

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. දහමට අවතීර්ණව ක්‍රියා කරන දිනකි. ආගමික උත්සව, පුද පූජා ආදියෙහි යෙදෙන අතර තම ඇසුරු කරන්නෝ ද දහමට යොමු කරවයි. හදිසි ධන ලාභ ද ලබයි. ඉදිමුම් රෝග, ස්නායු ආබාධ මතු කරයි.

Date: 2024-08-19

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා කොළ