දවසේ ලග්න පලාපල – 2024 ජනවාරි මස 29 වන සඳුදා
රාහු කාලය
7:56 am – 9:25 am
සුභ දිශාව
උතුර
මරු සිටින දිශාව
වයඹ
මේෂ
ශුභාශුභ මිශ්රඵල දෙයි. තරමක් මිල මුදල් වැය වන ක්‍රියා යෙදේ. දුරදිග බලා ක්‍රියා කළ යුතුය. රැවටිලිවලට ද හසුවීමට ඉඩ තිබේ. ප්‍රීති සාද උත්සව වැනි දේ යෙදෙන දිනකි. සන්ධි ප්‍රදාහ රෝග ද මතු කරයි.
වෘෂභ
ගමන් බිමන් යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත්වෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වේ. පොදු සමිති සමාගම්වල යෙදේ. ස්නායු රෝග ඉදිමුම් රෝග මතුවේ.
මිථුන
අවිවේකී බව ගෙන දෙන අතර සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. දහමට අනුව ක්‍රියා කරයි. ආගමික වතාවත්වල යෙදේ. සුහදතා වර්ධන ක්‍රියාවන්හි මුල් වෙයි. හදිසි ලාභ දෙයි. මූල රෝග, බඩවැල් රෝග මතු වේ.
කටක
ක්‍රියාකාරි දිනකි. තම ඥාති මිත්‍රාදීන් එක්ව කටයුතු කරයි. දුර ගමන්, වන්දනා ගමන් යෙදේ. උත්සව සාද වැනි දේවල් යෙදේ. විනෝදයට බරව ක්‍රියා කරයි. හදිසි ධන ලාභ ලබයි. සිරසගත රෝග උෂ්ණ රෝග මතු වේ.
සිංහ
කාර්යබහුල වෙයි. නමුත් පොදු වැඩ, සමාජ සත්කාර නොපිරිහෙළා ඉටුකරයි. ආගමික වතාවත් ද කරන අතර තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ආගමික උත්සවවලට සහභාගි වෙයි. මෞත්‍ර ලිංගික, පාදයේ රෝගවලට හේතුයි.
කන්‍යා
ශුභවාදී ඵල ගෙන දෙයි. සමාජ සත්කාර පොදුසේවා කටයුතු ආදියට සම්බන්ධ වී ක්‍රියා කිරීමට සිදුවන අතර ආගමික පුද පූජා උත්සව යනාදී දේවලට ද සහභාගි වීමේ අවස්ථා යෙදේ. හදිසි ලභ ගෙන දෙයි. සෙම් බහුල වී රෝග මතුවෙයි.
තුලා
ක්රියාශිලී දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරන අතර පොදුසේවා, සමාජ සත්කාරවල යෙදේ. ආගමට දහමට මුල්තැන දී ක්‍රියාකරයි. සුහදතා වර්ධන ක්‍රියාවන් හී යෙදේ. හදිසි ලාභ ලබයි. ආමාශගත රෝග මතුකරයි.
වෘශ්චික
ක්‍රියාශීලී දිනකි. දහමට අවතීර්ණ වෙයි. ආiාත්මික ගුණ වගාවන් කෙරෙහි මුල් වෙයි. තම ඥාතීන් ද දහමට යොමු කරවයි. ආගමික ගමන් යෙදේ. ප්‍රීති උත්සව වැනි දේවලට ද යොමුවන දිනකි. සන්ධි ප්‍රදාහ රෝග ඉදිමුම් රෝග සාදයි.
ධනු
ක්‍රියාකාරී දිනකි. නිවස උත්සව ශ්රියාවක් ඇති කරයි. විනෝදයෙන් ගෙවන දිනකි. වැයපස ද ඉහළ යයි. ආගමට දහමට ලැදිව ක්‍රියාකරයි. තම ඥාතීන් දහමට යොමු කරවන ක්‍රියා යෙදෙයි. මුත්‍රා ආසාදන රෝග දෙයි.
මකර
ගමන් බිමන් බහු වෙයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වන ක්‍රියා යෙදේ. ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. ප්රීතිසාද උත්සවවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. කොන්දේ රෝග, වාත රෝග මතු වේ.
කුම්භ
ක්‍රියාශීලී දිනකි. විනෝදගමන් ක්‍රියා ආදිය යෙදේ. සැහැල්ලු මනසින් දවස ගෙවයි. නව සබඳතා මත සිත් සැහැල්ලු වෙයි. ආගමික පුද පූජා ගරුකර ක්‍රියාකරයි. හදිසි ලාභ ලබයි. නේත්‍ර රෝග, දන්ත රෝග මතුවේ.
මීන
ගමන් බිමන් යෙදෙන අතර වැයපස ඉහළ යන දිනකි. තම වටිනාකම ප්‍රදර්ශනය වන ක්‍රියා ද යෙදේ. ආගමික උත්සව වැනි දේවල් යෙදේ. තම ඥාතීන් සමඟ සුහදතාව වර්ධන ක්‍රියා යෙදේ. සෙම් බහුල රෝග ද මතු කරයි.