දවසේ ලග්න පලාපල – 2024 මැයි මස 14 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2024 මැයි මස 14 වන අඟහරුවාදා

Qries

මේෂ කාර්යබහුලයි. රාජකාරි ස්ථානවල ක්‍රියාකාරකම් අවුල් සහගත වෙයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතුය. නව නිර්මාණ ඇරඹීමට ශුභයි. තම ළඟම ඥාතීන් වෙනුවෙන් වැයපස ඉහළ යයි. සෙම් කෝප රෝග සෑදෙයි.

Date: 2024-05-14

ජය අංකය: 09

ශුභ වර්ණය: තද රෝස

Qries

වෘෂභ තම ව්‍යාපාරවල පැහැදිලි වර්ධනයක් ඇති වෙයි. තරමක් වෙහෙසව ක්‍රියාකරයි. ගමන් බිමන්ද බහුල වෙයි. තම අසුරු කරන්නන් නිසා සිත් කැලඹීම් ඇතිවෙයි. ඉවසීම මැනවි. අක්‍ෂිරෝග, කර්ණ රෝග මතු වේ.

Date: 2024-05-14

ජය අංකය: 07

ශුභ වර්ණය: අළු පැහැය

Qries

මිථුන ලිපි ලේඛන කටයුතු, රාජකාරි කටයුතු අදියෙන් ජය ලබයි. සම්මුඛ සාකච්ඡා සඳහා ශුභ දිනකි. විදෙස් ගමන් යෙදේ. සුහද හමුවීම්, සාකච්ඡා යෙදේ. විනෝදකාමීව දවස ගත කරයි. ලාභ ලබයි. අර්ශස්, බගන්දරා වැනි රෝග සෑදෙයි.

Date: 2024-05-14

ජය අංකය: 06

ශුභ වර්ණය: කොළ

Qries

කටක ව්‍යාපාරවල දියුණුව පෙනේ. සිත ඍජුව ක්‍රියාකරයි. ගමන් බිමන් බහුල වෙයි. තම අරමුණු තරමක් ජයගනී. හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභවාදී නොවේ. අමතර ලාභ ගෙනදෙන දිනකි. ශිරෝගත රෝග, උෂ්ණ රෝග මතු වේ.

Date: 2024-05-14

ජය අංකය: 04

ශුභ වර්ණය: තැඹිලි

Qries

සිංහ ශුභා ශුභ ඵලදෙයි. කෙටි ගමන්වල යෙදෙන අතර අවිවේකය මත තරමක් ආවේගශීලී ගති ඉස්මතු කරයි. ඉවසීමෙන් දවස ක්‍රියාකළ යුතුය. සතුරු බලපෑම් එල්ලවීමට ද හේතුයි. සෙම් ආසාදන රෝග මතු කෙරේ.

Date: 2024-05-14

ජය අංකය: 01

ශුභ වර්ණය: දම්

Qries

කන්‍යා ශුභා ශුභ ඵලදෙයි. ක්‍රියාශීලි දිනකි. සමාජ සත්කාර ක්‍රියාවන්හි යෙදේ. තම රාජකාරි එදිනෙදා ක්‍රියාකාරකම් ආදියෙහි උනන්දුවෙන් යෙදෙන අතර තම ළඟම ඥාතීන් උදෙසා වැයපසද ඉහළ යයි. සිරසගත රෝගවලට හේතුයි.

Date: 2024-05-14

ජය අංකය: 05

ශුභ වර්ණය: රන්වන්

Qries

තුලා තරමක් පොදු රාජකාරි බහුල දිනකි. මනසට වද දෙන ප්‍රශ්න ද මතු කරයි. වැයපස ද ඉහළ යයි. කලකිරීම් මත දවස ගෙවයි. ව්‍යාපාරවල තරමක වර්ධනයට හේතු සාදයි. යටපත්ව තිබූ රෝග මතු වෙයි.

Date: 2024-05-14

ජය අංකය: 02

ශුභ වර්ණය: සුදු

Qries

වෘශ්චික ශුභා ශුභ ඵල මතු කරයි. තම ක්‍රියාකාරකම්වලදී කැපී පෙනෙයි. පරෝපකාරීව දවස ක්‍රියාකරයි. සමාජ සත්කාරක ක්‍රියාවන්හිද යෙදේ. සුළුවෙන් හෝ හදිසි ධන වාසනා ලාභ ලබයි. සෙම් ආසාදන රෝග මතු වෙයි.

Date: 2024-05-14

ජය අංකය: 07

ශුභ වර්ණය: රතු

Qries

ධනු ශුභා ශුභ මිශ්‍රඵල මතු කරයි. රැකියා ලාභ ලැබීම්වලට තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. තම වටිනාකම ඇසුරු කරන්නන් අතර ප්‍රචලිත වෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. කෘෂි කාර්මික කටයුතු ආදියෙන් ජය ලබයි. සෙම් ආසාදන රෝග දෙයි.

Date: 2024-05-14

ජය අංකය: 03

ශුභ වර්ණය: කහ

Qries

මකර ශුභා ශුභ මිශ්‍රඵල මතු කරයි. කලක් අතපසුව තිබූ ව්‍යාපාර ආරම්භයට හේතුයි. උගතුන්ගෙන් උදවු උපකාරද ලබයි. ඇසුරින් දුරස්ථව සිටි තම හිත මිතුරන් සමීප වන කරුණු යෙදේ. භූමිය සම්බන්ධ කටයුතුවලින් ජය ලබයි. සිරසගත රෝග ඉස්මතු කරයි.

Date: 2024-05-14

ජය අංකය: 08

ශුභ වර්ණය: දුඹුරු

Qries

කුම්භ ශුභා ශුභ මිශ්‍රඵල මතු කරයි. තම ව්‍යාපාරවල පැවති බාධා ඉවත් වෙයි. තත්ත්වයෙන් උසස් වෙයි. නව නිර්මාණ කරණයට ශුභයි. රාජකාරි ස්ථානවල ප්‍රසාදයක් දිනයි. හදිසි ධන වාසනා ලාභ ලැබීම්වලට හේතුයි. මෞත්‍රලිංගික පද්ධතියේ රෝග සෑදෙයි.

Date: 2024-05-14

ජය අංකය: 01

ශුභ වර්ණය: දම්

Qries

මීන ශුභඵල මතු කරයි. ගමන් බිමන් බහුල වෙයි. හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභවාදී නොවේ. රාජකාරිවලදී ප්‍රබෝධයෙන් ක්‍රියාකරයි. ව්‍යාපාරවල දියුණුව පෙනේ. තමන් පසුපස පැමිණි සතුරු බලපෑම් ඉවත් වෙයි. ශරීරයේ ඉදිමුම් රෝගවලට හේතුයි. හන්දි රෝග සාදයි.

Date: 2024-05-14

ජය අංකය: 05

ශුභ වර්ණය: තද කහ