දවසේ ලග්න පලාපල – 2023 ඔක්තෝබර් මස 19 වන බ්‍රහස්පතින්දා

දවසේ ලග්න පලාපල – 2023 ඔක්තෝබර් මස 19 වන බ්‍රහස්පතින්දා

රාහු කාලය
1:25 pm – 2:55 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
දකුණ

Qries

මේෂ

ශුභාශුභ මිශ්‍ර ඵල ගෙනදෙයි. ක්‍රියාකාරකම් බහුල දිනකි. ගමන් බිමන් ද යෙදේ. තනතුරු ලාභ වගකීම් ලබන දිනකි. පොදු සේවා ක්‍රියාකාරකම් බහුල වෙයි. අමතර ලාභ ද ලබයි. ඌෂ්ණ රෝග, කාය ස්වාය මතුකරයි.

Date: 2023-10-18
ජය අංකය: 05
ශුභ වර්ණය: තැඹිලි
Qries

වෘෂභ

රදිග බලා ක්‍රියාකළ යුතු දිනකි. තම ඇසුරුකරන්නන් නිසා අමාරුවේ වැටෙන්නට ඉඩ තිබේ. බුද්ධිමත්ව දවසේ ක්‍රියාකාරකම්වල යෙදිය යුතුය. ගනුදෙනුවලදී ද ප්‍රවේසම මැනවි. සන්ධි ප්‍රදාහ රෝග මතුකරයි.

Date: 2023-10-18
ජය අංකය: 02
ශුභ වර්ණය: අළු පැහැය
Qries

මිථුන

රාජකාරි බහුල වෙයි. ලිපි ලේඛන, රචනා ආදියෙන් ජය දෙයි. අන් අයගේ අඩුපාඩු සඳහා උදව් දෙන අතර වියපැහැදම් ද අධික වෙයි. ආගමික වතාවත් ගරුකරයි. සෙම්කෝප රෝග මතුකරයි.

Date: 2023-10-18
ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ක්‍රියාකාරකම් බහුලයි. පොදු සේවා කටයුතු, ආගමික කටයුතු ආදියෙහි යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත වියපැහැදම් අධික වෙයි. තරමක් විනෝදකාමී ලෙස දවස ගෙවයි. සිරසගත රෝග ද මතුකරයි.

Date: 2023-10-18
ජය අංකය: 04
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

සාමාන්‍ය ලෙසින් දවස ගෙවේ. සුපුරුදු රාජකාරිවල යෙදෙන අතර සුළුවෙන් හෝ සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. වැයපස තරමක් ඉහළ යන දිනකි. ලේ දූෂිත රෝග මතුකරයි. නිවසේ උත්සවශ්‍රියාවක් ගෙනදෙයි.

Date: 2023-10-18
ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

තරමක් වෙහෙසව ක්‍රියාකරන දිනකි. අතරමග නතර කළ කටයුතු ඉදිරියට කරගෙන යන අතර තම ආර්ථික වර්ධන ක්‍රියා සඳහා යොමුවෙයි. සෙම්කෝප රෝග මතුකරයි. ප්‍රීති සාද, උත්සව වැනි දේට හේතුයි.

Date: 2023-10-18
ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

ශුභාශුභ ඵල මතුකරයි. ගමන් බිමන්වල යෙදෙන අතර නිශ්ඵල ගමන් ද යෙදේ. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු කරයි. වැයපස ද ඉහළ යයි. සුළුවෙන් හෝ ශල්‍යකර්ම වැනි දේට හේතුයි. දහමට ද ලැදිව ක්‍රියා කරයි.

Date: 2023-10-18
ජය අංකය: 07
ශුභ වර්ණය: ළා රෝස
Qries

වෘශ්චික

තරමක් අවිවේකී බව මතුවෙයි. රාජකාරිවල යෙදෙන අතර සුළුවෙන් හෝ ගමන් බිමන් ද යෙදේ. බලාපොරොත්තු රහිත ලෙස මිල මුදල් වැයවන දිනකි. සෙම් රෝග, ඌෂ්ණ රෝග මතුකරයි. දහමට ළැදිව ක්‍රියාවේ යෙදෙන දිනකි.

Date: 2023-10-18
ජය අංකය: 09
ශුභ වර්ණය: රතු
Qries

ධනු

සුපුරුදු ක්‍රියාකාරකම්, රාජකාරි ආදියෙහි යෙදෙන අතර දුරදිග බලා ක්‍රියාකළ යුතු දිනකි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු වීමට ඉඩ තිබේ. මුත්‍රා ආසාදනවලට හේතුයි. දහමට ලැදිව ක්‍රියාකරයි.

Date: 2023-10-18
ජය අංකය: 01
ශුභ වර්ණය: රෝස
Qries

මකර

ශුභාශුභ මිශ්‍ර ඵල යෙදේ. තරමක් වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවන අතර මිල මුදල් ද වැයවන කරුණු යෙදේ. බුද්ධිමත්ව දවසේ ක්‍රියා කළ යුතුයි. ඌෂ්ණ රෝග, සෙම් රෝග මතුකරයි. විනෝදජනක ක්‍රියාවන්වල යෙදේ.

Date: 2023-10-18
ජය අංකය: 08
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

සුළුවෙන් නමුත් ගමන් බිමන්වල යෙදීමෙන් වැයපස ඉහළ යන දිනකි. තම ඥාති මිත්‍රාදීන් එක්ව සුළුවෙන් හෝ ප්‍රීති සාද වැනි දේට සහභාගි වෙයි. ස්නායුගත රෝග, මස්පිඬුවල පීඩා මතුකරයි. ආගමික වතාවත් ගරුකරන දිනකි.

Date: 2023-10-18
ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ශුභාශුභ ඵල ගෙනදෙයි. ගමන් බිමන් ද හදිසියේ යෙදෙන අතර බලාපොරොත්තු රහිත වියපැහැදම් ඇතිවන දිනකි. හදිසි ලාභ ලැබීම් ද යෙදේ. ලේ දූෂිත රෝග මතුකරවන දිනකි. ප්‍රීති සාද වැනි දේවල් යෙදේ.

Date: 2023-10-18
ජය අංකය: 09
ශුභ වර්ණය: දම්
Share This