13 හැවිරිදි දැරියක් පෙම්වතාට බයේ ගල්ගුහාවක රැයක් ගතකරලා

13 හැවිරිදි දැරියක් පෙම්වතාට බයේ ගල්ගුහාවක රැයක් ගතකරලා

දොඹගහවෙල පොලිස් වසමට අයත් නුගගහකිවුල ප්‍රදේශයේ, පදිංචි වයස අවුරුදු 13 ක දැරියක් පෙම්වතාට බයේ ගල්ගුහාවක තනිව රැයක් ගතකොට නිවසට පැමිණ ඇතැයි දොඹගහවෙල පොලීසිය පවසයි.

ඉකුත් 10වෙනිදා දැරියගේ පෙම්වතා බව කියන පුද්ගලයා ඇයගේ නිවසට පැමිණ දැරියට සහ දැරියගේ මවට බැණ තර්ජනය කිරීම හේතුවෙන් බියට පත් දැරිය එදින සවස නිවැසියන්ට නොදන්වා නිවස ආසන්නයේ කැළෑවකට ගොස් ගල්ගුහාවේ රැඳී සිට ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.

දැරිය ගල්ගුහාවේ රැයක් ගතකොට පසුදින (11) වෙනිදා උදෑසන කුසගින්න දරාගත නොහැකි නිසා ආපසු නිවසට පැමිණ ඇති බවත් කිසිවෙකුගෙන් හිරිහැරයක් සිදුනොවූ බවත් ඇයගේ මව විසින් පොලීසියට දැනුම්දී ඇත.

ඊට පෙර දින තම දියණිය අතුරුදහන්වී ඇති බවට මව විසින් පොලීසියට පැමිණිල්ලක් සිදු කර තිබෙන අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොණරාගල දිස්ත්‍රික් මහා රෝහලට ඇතුලත්කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

Share This