කුවේටයේ නීතිවිරෝධීව රැදී සිටි ලාංකිකයන් 62ක් පිටුවහල් කරයි

කුවේටයේ නීතිවිරෝධීව රැදී සිටි ලාංකිකයන් 62ක් පිටුවහල් කරයි

කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62 දෙනකු , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකසා මෙරටට පිටුවහල් කළේය.

මොවුන් අතරින් 59 දෙනකු ගෘහ සේවිකාවන් වූ අතර ඉතිරි තිදෙනා පිරිමි ගෘහ සේවකයන් බව ද තානාපති කාර්යලය කියයි.

ඔවුන් ගෘහ සේවය සදහා ගිවිසුම් ගත නිවෙස්වලින් පලා ගොස් , කුවේට් රාජ්‍යයේ තාවකාලික නේවාසිකාගාරවල රැදී සිටිමින් , විවිධ රැකියා ස්ථානවල කුවේට් ඩිනාර් 250 ක් වැනි මාසික වැටුපක් සදහා සේවයේ නිරත වෙමින් , වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් බව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරංචි මාර්ග පවසයි.

Share This