මෙරට ප්‍රසව හා නාරිවේද එක් ඇඳකට කාන්තාවන් 984ක්

මෙරට ප්‍රසව හා නාරිවේද එක් ඇඳකට කාන්තාවන් 984ක්

මෙරට ප්‍රසව හා නාරිවේද එක් ඇඳකට කාන්තාවන් 984 දෙනෙකු සිටින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

එම විගණන වාර්තාවට අනුව මෙරට ඇති මුළු ප්‍රසව හා නාරිවේද ඇඳන් සංඛ්‍යාව 14,572කි. වයස අවුරුදු 15ට වැඩි මුළු කාන්තාවන් සංඛ්‍යාව 14,342,549කි. ඒ අනුව මෙරට ප්‍රසව හා නාරිවේද ඇඳකට සිටින කාන්තාවන් සංඛ්‍යාව 984ක් බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

ප්‍රසව හා නාරි ඇඳන් බෙදාහැරීම දිස්ත්‍රික්ක අතර ව්‍යාප්ත කාන්තා ජනගහනයට සමාන්තරව සිදු වී නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ප්‍රසව හා නාරිවේද ඇඳන් සංඛ්‍යාව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල 11ක් සඳහා ප්‍රමාණවත් වී නොතිබුණි.

ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල ප්‍රමාණවත් තරම් ප්‍රසව හා නාරිවේද ඇඳන් නොමැති වීම බරපතළ ගැටළුකාරි තත්ත්වයක් බවද විගණන වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

Share This