කුසල් මෙන්ඩිස්ගෙන් තවත් ශතකයක්

කුසල් මෙන්ඩිස්ගෙන් තවත් ශතකයක්

කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9 වන ශතකය වාර්තා කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත්විය.

ඒ, සංචාරක අයර්ලන්ත කණ්ඩායම – ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනයේදීය.

පන්දු 135ක් තුළදී ඔහු එම ශතකය රැස් කිරීමට සමත් විය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී මේ වන විට තරඟය පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 430 ක් රැස්කර ගෙන සිටී.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තය සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 492ක් රැස්කළේය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (1 )