ඇමති කංචනගෙන් ලංවිමට හදිසියේ ලිපියක්

ඇමති කංචනගෙන් ලංවිමට හදිසියේ ලිපියක්

අත්‍යවශ්‍ය සේවාවක් වන විදුලිබලය සැපයීමට බාධාකරමින් වර්ජනය කල සේවකයන්ගේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.

ජනවාරි 03, 04, 05 දිනවල ඇතැම් සේවක පිරිස් විසින් ගෙන යන ලද වැඩවර්ජනය හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ මහජන සේවාවන් අඩපන කරමින් කටයුතු කිරීම පිළිබඳ වූ මහජන පැමිණිලි අමාත්‍යංශය වෙත ලැබී ඇතැයි ද ඇමතිවරයා අදාළ ලිපියෙන් පෙන්වා දී ඇත.

Share This