09 වන ලෝක ශූරතා කුන්ෆු තරගාවලියේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

09 වන ලෝක ශූරතා කුන්ෆු තරගාවලියේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

09 වන ලෝක කුන්ෆු ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 06 දිනා ගෙන ඊයේ (28) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

මෙම තරගාවලිය ඉකුත් 22 දින සිට 27 වන දින දක්වා චීනයේ, එමිෂාන්( Emeishan ) නුවර ලෝකයේ රටවල් 154 ක කුන්ෆු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6,000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි.

එහිදී ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය මගින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙකු චීනය වෙත යොමු කර තිබුණි.

මෙම ජයග්‍රාහකයින් රාත්‍රී 08.20 ට චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ. – 713 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

Share This