මන්ත්‍රී කුමාර වෙල්ගමට පහරදීමක්

මන්ත්‍රී කුමාර වෙල්ගමට පහරදීමක්

හිටපු අමාත්‍ය හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට අද පෙරවරුවේ මතුගම නගරයේ දී කිසියම් පුද්ගලයකු පහරදී ඇතැයි පොලිසිය පවසයි.

මතුගම නගරයේ එළවළු වෙළෙඳසැලක් තුළ සිදු වූ බහින් බස් වීමකින් පසු මන්ත්‍රීවරයාට පහරදී ඇතැයි පොලිසිය කියයි.

පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර පහරදුන් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Share This