කුලියාපිටියේ තරුණයා පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයන්න පොලිිසිය මහජන සහය පතයි

කුලියාපිටියේ තරුණයා පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයන්න පොලිිසිය මහජන සහය පතයි

පෙම්වතියගේ නිවසට ගිය දිනයේ සිට අතුරුදහන් වී සිටින කුලියාපිටියේ 31 හැවිරිදි තරුණයා පැහැරගෙන යෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හා ඔවුන් ප්‍රදේශයෙන් පලායෑම සඳහා කුලී රථ ආයතනයකින් ලබා ගත් NW PK -0125 දරන සුසුකි එව්රි වර්ගයේ කුඩා වෑන් රථය ගැන තොරතුරක් ලබා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.

ඒ අනුව මෙම වෑන් රථය සහ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස මහජනතාවට දැනුම් දෙනවා.

071 – 8591260 – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී / කුලියාපිටිය
077 – 3528325 – ස්ථානාධිපති / කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය

සිය පෙම්වතියගේ නිවසට පෙම්වතියගේ ආරාධනයෙන් පසුගිය 22 දා ඇයගේ නිවසට ගිය දා සිට අතුරු දහන් වී සිටින කුලියාපිටිය වෙරළුගම ප්‍රදේශයේ පදිංචි ආහාර අලෙවිසලක් පවත්වාගෙන යන සුසිත් ජයවංශ නැමැති මේ තරුණයා අතුරුදහන් වීමත් සමග ඔහුගේ පෙම්වතියගේ පවුලේ අය මෙන්ම අසල්වාසී ඥාති පවුල ද ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

මේ වනවිට සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත් අඩංගුවේ පසුවේ. කුලියාපිටිය මූලස්ථාන පොලිසිය මගින් විමර්ශන සිදුකරනු ලබයි.

Share This