උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක්

උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක්

උතුරු කොරියාව පියොන්යැන්ග් අගනුවර – නැගෙනහිර වෙරළේ සිට, මුහුද දෙසට කිලෝමීටර 300 ක දුරකට කෙටි දුර බැලැස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් දකුණු කොරියාවේ සෝල් නුවර වෙත පැමිණීමත් සමග එම මිසයිල ප්‍රහාර දියත් කර ඇති බවයි.

කෙසේවෙතත් දකුණු කොරියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත්තේ, උතුරු කොරියාව දියත් කරනු ලබන මිසයිල සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බවයි.

පසුගිය දිනවල ඇමරිකානු – දකුණු කොරියානු යුද අභ්‍යාසයක් පැවති අතර, ඊට ප්‍රතිචාරයක් ලෙස මෙම මිසයිල එල්ල කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Share This