කෙහෙළියගේ නිවස ඉදිරිපිට මල් වඩමක් තැබූ අය සොයා පරීක්ෂණ
පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ නිල නිවස ඉදිරිපිට මල් වඩමක් තැබීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් නිවසේ ගේට්ටුව ඉදිරිපිට මල් වඩමක් තබා සාපරාධී බිය ගැන්වීම් සහ අපහාස කිරීම් සිදු කළ බව පවසමින් කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.
පවිත්‍රා රඹුක්වැල්ල සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව දන්වමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 නිවස ආසන්නයේ සටහන් වූ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වන බව පොලිසිය වැඩිදුරටත් මහේස්ත්රාත්වරයාට ප්‍රකාශ කර තිබෙනවා.