ලංකාවේ දිගම පාද යාත්‍රාව ගමන් අරඹයි

ලංකාවේ දිගම පාද යාත්‍රාව ගමන් අරඹයි

කතරගම දෙවියන් උදෙසා පූජාවන් සිදුකිරීමට පයින්ම උතුරේ සිට කතරගම දක්වා දින ගණනාවක් ගමන් කරන ලංකාවේ දිගම පාද යාත්‍රාව ලෙසින් සැලකෙන යාපනය කතරගම පාද යාත්‍රාව යාපනය තොණ්ඩමනාරු සෙල්වශාන්ති මුරුගන් හින්දු කෝවිලෙන් ආරම්භ විය.

සෙල්වශාන්ති මුරුගන් හින්දු කෝවිලේ ප්‍රධාන පූජක ජෙයවේල්සාමි පූජකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින මෙම පාද යාත්‍රාව ආරම්භ කෙරුනු අතර යාපනය තොණ්ඩමන්ආරු ප්‍රදේශයේ ජිවත්වන බැතිමතුන් පිරිසක් මෙන්ම මුලතිව් ප්‍රදේශයෙන්ද මෙම පාද යාත්‍රාවට එකතුවන බැතිමතුන් පිරිසක් සමග කතරගම දක්වා ගමන් කරයි.

මෙම පාද යාත්‍රාව සෑම වසරකම යාපනයේ සිට කතරගම දක්වා ගමන්කෙරෙන අතර අද දින ආරම්භ කෙරුනු පාද යාත්‍රාව යාපනය, කොඩිකාමම්, පුදුකුඩිඉරිප්පු, කෝකිලායි, කොක්කුතුඩුවායි, පුල්මුඩේ, තිරියාය, ත්‍රිකුණාමලය,මඩකලපුව ,අම්පාර, උහන හරහා කතරගම ‍‍දේවාලයේ කොඩි එසවීමේ මංගල්ලය වෙත ගමන් කිරීම සිදුවෙයි.