කථානායකට එරෙහි විශ්වාසභංගය පිලිබඳ විවාදය අද සහ හෙට

කථානායකට එරෙහි විශ්වාසභංගය පිලිබඳ විවාදය අද සහ හෙට

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (19) ආරම්භ වන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව, අද පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා සහ හෙට (20) පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිතයි.

විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරු 4.30ට පමණ පැවැත්වීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව පවසමින් සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව අත්සන් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව පසුගිය 5 වනදා පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න වෙත භාරදුන්නේය.

මේ අතර විශ්වාසභංග යෝජනාව දේශපාලනික අරමුණකින් ඉදිරිපත් නොකළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්නායක මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාසභංග යෝජනාවට සහයෝගය පළකරන බව එහි වැඩබලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසුවේය.