වැඩ තහනමට එරෙහිව විදුලි වෘත්තීය සමිති අද තීරණාත්මක සාකච්ඡාවක

වැඩ තහනමට එරෙහිව විදුලි වෘත්තීය සමිති අද තීරණාත්මක සාකච්ඡාවක

විදුලි බලමණ්ඩල සේවකයින් පිරිසකගේ වැඩ තහනම් කිරීමට විරෝධය පළ කරමින් ඊට එරෙහිව ගන්නා තීරණ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (22) පැවැත්වීමට නියමිතය.

ලංකා විදුලි බලමණ්ඩල වෘත්තීය සමිතිවල ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡා සඳහා මෙරට සියලු කේෂ්ත්‍ර නියෝජනය කරමින් වෘත්තීය සමිති සියයකට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතව තිබේ.

මේ අතර අද උදෑසන 07ට ලංකා විදුලි බලමණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අත්පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ද වෘත්තීය සමිති පියවර ගෙන තිබේ.

එමෙන්ම අද දහවල් 12ට සිවිල් සංවිධාන ලංකා විදුලි බලමණ්ඩල මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදුකිරීමට ද සැලසුම් කර ඇති බව පැවසේ.