පාසල් බෑගයක කසිප්පු දාගෙන ආ තරුණයා මාට්ටු

පාසල් බෑගයක කසිප්පු දාගෙන ආ තරුණයා මාට්ටු

මුලතිව් සිට යාපනයට පාසල් බෑගයක කසිප්පු ස්ප්‍රීතු ලීටර 8 ක් දමා ගෙන බස් රථයක නැගී පැමිණි තරුණයෙකු යාපනය පොලීසිය විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබේ.

එම කසිප්පු ස්ප්‍රීතු තොගය පාර්සල් 12 කට සකස් කර බැගයේ දමාගෙන ඔහු පැමිණ ඇති අතර මෙම ජාවාරම ඔහු කාලයක් තිස්සේම කරගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.

කසිප්පු ස්ප්‍රීතු යාපනයට රැගෙන විත් යාපනයේ පාලු ගොඩනැගිල්ලකදී සැකකරු ඊට ජලය මුසුකොට පානය කිරීමට සුදුසු මට්ටමකට කසිප්පු සකස් කර ගන්නා බවද හෙළි වී ඇත.

යාපනය පොලීසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත බස් රථය නවත්වා මගීන් පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම තරුණයා කසිප්පු ස්ප්‍රීතු තොගය සමග පොලීසියට හසු වී තිබේ.

මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ පදිංචි සැකකාර තරුණයා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලීසිය පියවර ගෙන තිබේ.