කලාකරුවන් 120 කට මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පත්වීම්

කලාකරුවන් 120 කට මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පත්වීම්

දිවුරුම් පෙත්සමක් අත්සන් කිරීමට වඩා පුළුල් පරාසයක් කරා දිව යන අරමුණක් සාම විනිසුරු තනතුර තුළ ඇතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඇමතිවරයා මේ අදහස් පළ කළේ වේදිකාව, රූපවාහිනිය, ටෙලි නාට්‍ය, සංගීතය, ගීත ගායනය, ගීත රචනය ආදී කලා ක්ෂේත්‍රයන්හි ප්‍රවීණ කලාකරුවන් සදහා මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පදවි පිරිනැමීම සදහා අද (10) අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති උත්සවය අමතමිනි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව කලාකරුවන් සදහා සාම විනිසුරු පදවි පිරීනැමීමට පියවර ගෙන ඇති අතර, ඒ අනුව මෙරට කලාව වෙනුවෙන් සිය දායකත්වය දැක්වු කලාකරුවන් 120 දෙනෙකු සදහා පළමු අදියර යටතේ සාම විනිසුරු පත්වීම් පිරිනැමීම මෙහිදී සිදු විය.

Share This