ජූනි 30 වනදා ගැන තවත් දැනුම්දීමක්

ජූනි 30 වනදා ගැන තවත් දැනුම්දීමක්

රජය විසින් ලබන ජූනි 30 වෙනිදා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොළ ද එදින වෙළඳපොල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව කොළඹ කොටස් වෙළඳපොල විසින් දැනුම් දී තිබේ.

මීට පෙර රජය විසින් එළැඹෙන සිකුරාදා (30) දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනය නිකුත් කළේය.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පුර්ණයෙන් අවසන් කිරීම සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමට ජූනි 30 වනදා බැංකු නිවාඩු දිනයක් බවට පත්කළ බවය.

එමෙන්ම, එම කාලසීමාව තුළ ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීම සහ Online බැංකු ගණුදෙනු හා අන්තර්ජාලය හරහා සිදුකරන බැංකු කටයුතුවලට කිසිදු බාධාවක් නොමැති බවයි, ඔහු සඳහන් කළේ.

Share This