ජෝ බයිඩ්න් අමෙරිකානු ජනපති සටනින් ඉවත් වෙයි

ජෝ බයිඩ්න් අමෙරිකානු ජනපති සටනින් ඉවත් වෙයි

ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් දිගින් දිගටම එල්ල වන දැඩි පීඩනය හමුවේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් වී තිබේ.

ඒ, ජනාධිපතිවරණය සඳහා තවත් මාස 4ක කාලයක් ඉදිරියට තිබියදීයී.

පසුගිය ජුනි මාසයේ පැවති ජනාධිපතිවරණ පළමු විවාදයෙන් පසු ඩිමොක්‍රටික් පාක්ෂිකයින් අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස ඔහුට බලපෑම් කළේ ය.

ඉන් කලකිරීමට පත්වූ තමා ජනපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට තීරණය කළ බව ජෝ බයිඩන් පැවසීය.

ඔහු සිය ඉවත් වීම ප්‍රකාශයට පත් කළේ, ඩිමොක්‍රටික් පක්ෂ ජනපතිවරණ අපේක්ෂක ලෙස උපජනපතිනි කමලා හැරිස් නම් කරමිනි.

සිය නිල කාලය අවසන් වනතුරු පක්ෂයේ සහ රටේ යහපත වෙනුවෙන් කටයුතු කරන බව ද 81 හැවිරිදි ජෝ බයිඩ්න් ප්‍රකාශ කළේ ය.

මේ අතර ජනාධිපතිවරයාගේ ධුර කාලයේ අවසන් මාස 06 සඳහා අඛණ්ඩව සහය ලබා දෙන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසයි.

ඔහු සඳහන් කළේ, පසුගිය වසර 22ක කාලය තුළ ජෝ බයිඩන් වෙනුවෙන් සේවය කිරීමට ලැබීම ගැන තමා ආඩම්බර වන බවයි.

මෙවර ජනාධිපතිවරණය ජය ගැනීමට උත්සහ කරන බව ඩිමොක්‍රටික් පක්ෂ නව ජනාධිපතිවරණ අපේක්ෂක ලෙස නම් කෙරුණු කමලා හැරිස් ප්‍රකාශ කළා ය.

ඇය අවධාරණය කරන්නේ, හිටපු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කොට ජාතිය එක්සේසත් කිරීමට හැකි සෑම දෙයක්ම සිදු කරන බවයි.