ජෙට් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටී දෙදෙනෙක් මරුට

ජෙට් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටී දෙදෙනෙක් මරුට

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දී පෞද්ගලික ජෙට් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජෙට් යානය අනතුරට ලක් වන අවස්ථාවේ එහි පුද්ගලයින් පස් දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජෙට් යානය අධිවේගී මාර්ගයකට කඩා වැටීමත් සමඟ පුද්ගලයින් තිදෙනෙකුගේ දිවි බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් ව ඇත.

ගුවන් යානය නේපල්ස් නාගරික ගුවන්තොටුපොළට ගොඩබෑමට මිනිත්තු දෙකකට පෙර, ගුවන් නියමුවා විසින් ගමනාගමන පාලකවරයාට යානයේ එන්ජිම ක්‍රියාවිරහිත වී ඇති බව දන්වා හදිසි ගොඩබෑමක් අවශ්‍ය බව පවසා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Naples plane crash: Two dead after private aircraft crashes into car on I-75 in Florida - The Mirror US

At least 2 dead after fiery plane crash on Florida highway

Share This