ජර්මනියේ පිහි ඇනුමක්

ජර්මනියේ පිහි ඇනුමක්

බටහිර ජර්මනියේ සොලින්ගන් නගරයේ උත්සවයක් අතරතුර සිදුකළ පිහි ඇනුමකින් තිදෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සිද්ධියෙන් තවත් හතර දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි.

නගරය ආරම්භ කර වසර 650ක් සපිරීම නිමිත්තෙන් පැවති උත්සවය අතරතුර මෙම පිහි ඇනුම සිදුවී ඇති බව සඳහන්.

මේ වන විට පිහි ඇනුම සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.