ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ දී ඊයේ ඔහුගෙන් පැය 08 ක ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබිණි.
NEWER POSTලොරියක් පෙරළී අයෙක් මරුට – 4ක් රෝහලට
දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (01) දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
ඒ අද දිනයේත් CIDය හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට ඊයේ (30) දින සිදුකළ දැනුම්දීමට අනුවය.
පසුගිය අප්‍රේල් මාසයේ පැවති දේව මෙහෙයකදී ආගමික අසමගිය ඇතිකිරීමේ චෝදනා යටතේ ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය මොහුට නියෝග කරනු ලැබීය.
බුදුදහමට අපහාස වන අන්දමින් ප්‍රකාශයක් සිදුකර පසුව සිංගප්පූරුව වෙත ගොස් සිටි දේවගැති ජෙරම් ප්‍රනාන්දු පෙරේදා දිවයිනට පැමිණියේය.
ඔහු දිවයිනට පැමිණ පැය 48 ක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විමර්ශන අංශයේ පෙනී සිටිය යුතු බවට අධිකරණය නියෝග කර තිබුණි.
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ දී ඊයේ ඔහුගෙන් පැය 08 ක ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබිණි.