ඉන්දීය විදේශ ඇමති හෙට දිවයිනට

ඉන්දීය විදේශ ඇමති හෙට දිවයිනට

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා හෙට (20) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ කටයුතු සොයා බැලීමට සහ දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණෙන බව වාර්තා වේ.

මෙම සංචාරය අතරතුර ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

එම සාකච්ඡාවේදී, ශ්‍රී ලංකාවේ සිදුවන ඉන්දීය ආයෝජන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවයි, වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා එළැඹෙන අගෝස්තු මාසයේ දී මෙරට සංචාරයකට එක්වනු ඇති බව වාර්තා වේ.

Share This