ජනාධිපති මන්දිරය ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වමින් අධිකරණ නියෝගයක්

ජනාධිපති මන්දිරය ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වමින් අධිකරණ නියෝගයක්

ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට, මුදල් අමාත්‍යාංශයට සහ අරලියගහ මන්දිරයට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ පසුගිය වසරේ මැයි 09 සිද්ධීන් අනුස්මරණය කිරීමට සූදානමින් සිටින විරෝධතාකරුවන් පිරිසකට එරෙහිවයි.

කොල්ලුපිටිය පොලීසිය විසින් කළ ඉල්ලීමක් සලකා බලා කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )