රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට නව පනතක්

රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට නව පනතක්

රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට නව පනතක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.

මේ අනුව රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩපිළිවෙළ යටතේ මෙම නව පනත බලාත්මක කිරීමට නියමිතයි.

මෙම පනත 2025 වර්ෂයේ අයවැයත් සමඟ ක්‍රියාත්මක වන පරිදි හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මීට අදාළව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙයි.

Share This