ජැක්සන්ලා අල්ලන්න බස් එකට නැග්ග පොලිස් උපාය දූතිකාවට ජැක් ගහලා මාට්ටු

ජැක්සන්ලා අල්ලන්න බස් එකට නැග්ග පොලිස් උපාය දූතිකාවට ජැක් ගහලා මාට්ටු

ළමා හා කාන්තා හිංසනයන් ගැන සෙවීමට යොදවා තිබූ පොලිස් උපාය දූතිකාවකට බස් රථයක් තුළ දී ලිංගික අතවර සිදුකළ පුද්ගලයෙකු නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පෞද්ගලික ආරක්ෂක නිළධාරියෙකු ලෙස සේවයේ නියුතු වයස අවුරුදු 44ක් වූ වැලිමඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

පොලිසිය සඳහන් කළේ, මෙම පුද්ගලයා නුවරඑළිය සිට වැලිමඩ දක්වා ධාවනය වූ බස් රථයක් තුළ දී පොලිස් උපාය දූතිකාවට මෙලෙස ලිංගික හිරිහැර සිදුකර තිබෙන බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

‘යුක්තිය’ මෙහෙයුමට සමගාමී ව පොදු ප්‍රවාහන සේවාවන් හරහා ගමන් කරන කාන්තාවන්ට හා බාල වයස්කාර දරුවන්ට සිදු වන ලිංගික අතවර වැළැක්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක මෙහෙයුම අතර දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.