ඊශ්‍රායලයේ දස දහස් ගණනක පිරිසක් වීථි පුරා විරෝධතාවයේ

ඊශ්‍රායලයේ දස දහස් ගණනක පිරිසක් වීථි පුරා විරෝධතාවයේ

ඊශ්‍රායලයේ දස දහස් ගණනක පිරිසක් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ රජයට විරෝධය පළ කරමින් වීථි බැස විරෝධතාවල නිරත වෙමින් සිටී.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමේ ගිවිසුමක් ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි.

හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ සිරුරු ඊශ්‍රායල සොල්දාදුවන් විසින් සොයා ගැනීමත් සමග මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා වන ගිවිසුමකට එළැඹීමට බලධාරීන් පියවර නොගන්නා බවට ඔවුන් චෝදනා කරයි.

විරෝධතාකරුවන් බොහෝ පිරිසක් ඊශ්‍රායල ධජවලින් සැරසී – ටෙල් අවිව්, ජෙරුසලම සහ අනෙකුත් නගරවලට රැස්වී විරෝධතාවයේ නිරත වෙයි.