ඉන්දුනීසියා ජනාධිපතිවරණයේ ජය සුබියැන්තෝ ට
ඉන්දුනීසියා ජනාධිපතිවරණය සියයට 58 ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනිමින් ජය ගැනීමට 72 හැවිරිදි ප්‍රබෝවෝ සුබියැන්තෝ සමත් විය.
ප්‍රබෝවෝ සුබියැන්තෝ මීට පෙර අවස්ථා දෙකකදී ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස තරග කර ඇති නමුත් ඔහුට ජයක් හිමි නොවිණි.
පසුගිය රජයේ ආරක්ෂක අමාත්‍යවරයා වූ සුබියැන්තෝ හමුදා අණ දෙන නිලධාරියකු ලෙස ද රාජකාරි කර තිබේ.
අග්නිදිග ආසියාවට අයත් ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය ඊයේ (14) පැවැත්විණි.
ජනාධිපතිවරණයට අමතරව, මහ මැතිවරණයත්, පළාත් සභා මැතිවරණයත් පැවැත්විණි.
ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය එකම දිනයේ පැවැත්වෙන්නේ ඉන්දුනීසියාවේ පමණක් බව ද පැවැසෙයි.
ඉන්දුනීසියාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ජෝකෝ විඩෝඩෝය. විඩෝඩෝ ධුර කාල දෙකක් සම්පූර්ණ කළ බැවින්, යළි ජනාධිපති ධුරයක් වෙනුවෙන් තරග වැදීමට නොහැකිය. ප්‍රබෝවෝ සුබියැන්තෝ නායකත්වය දෙන්නේ ගෙරින්ද්‍රා දේශපාලන පක්ෂයටය.
ප්‍රබෝවෝ සුබියැන්තෝ යනු ඉන්දුනීසියාවේ දෙවැනි ජනාධිපතිවරයා ද වූ හමුදා පාලක ජනරාල් සුහර්තෝගේ බෑණාය.
සුහර්තෝ, 2008 වසරේ මියගියේය. ඒ වනවිට ඔහු 86 වියෙහි පසුවිය.