ගාලු මුවදොර අවන්හලක ඉන්දීය ජාතික ප්‍රධාන අරක්කැමියාව ඝාතනය කෙරේ

ගාලු මුවදොර අවන්හලක ඉන්දීය ජාතික ප්‍රධාන අරක්කැමියාව ඝාතනය කෙරේ

කොළඹ කොටුව, ගාලු මුවදොර අවන්හලක ඉන්දීය ජාතික කළමනාකරුවෙකු විසින් ඉන්දීය ජාතික ප්‍රධාන අරක්කැමියාට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි කොටුව පොලීසිය පවසයි.

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ අජේ කුමාර් නමැති 28 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකාර කළමනාකරු ඝාතනයට යොදාගත් පිහියත් සමග පොලිස් භාරයට ගෙන ඇත.

බරපතළ තුවාල ලද අරක්කැමියා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

සැකකරු සහ මියගිය පුද්ගලයා අතර ඊයේ (5) රාත්‍රී අවන්හල තුළ බහින් බස් වීමක් ඇති වී එය ගැටුමක් දක්වා දුරදිග යාමෙන් අනතුරුව මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිසිය කියයි.

29 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.