web hit counter
නව දිල්ලි නුවරට ඩීසල් බස් රථ ඇතුළුවීම තහනම් කෙරේ

නව දිල්ලි නුවරට ඩීසල් බස් රථ ඇතුළුවීම තහනම් කෙරේ

ඉහළ යන වායු දූෂණ මට්ටම සැලකිල්ලට ගනිමින් ඉන්දියාවේ නව දිල්ලි නුවරට ඩීසල් බස් රථ ඇතුළුවීම තහනම් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

ඉන්දීය පරිසර අමාත්‍ය ගෝපාල් රායිගේ ප්‍රධානත්වයෙන් දිල්ලි ලේකම් කාර්යාලයේ දී පැවති සමාලෝචන රැස්වීමක් අවසානයේ මෙම තීරණයට එළඹි බවයි වාර්තා වන්නේ.

මීට අමතර අධික උණුසුමක් සහිත ස්ථාන වල කිලෝමීටරයක අරයක් තුළ ඉදිකිරීම් කටයුතු නතර කිරීමට තීරණය කළ බවත් ඔහු පවසා තිබේ.

වායු තත්ත්ව කළමනාකරණ කොමිසමේ උපදෙස් පරිදි මෙම නව නීති ක්‍රියාත්මක අතර, මෙය නිසි ආකාරයට ක්‍රියාත්ම වන්නේද යන වග සොයා බැලීමටත් කණ්ඩායම් 18 ක් යොදවා ඇත.

කෙසේ වෙතත්, ඩීසල් බස් රථ දිල්ලියට ඇතුළුවීම නවතා දැමීම හමුවේ, මගීන්ට කිසිදු කරදරයකට මුහුණ නොදෙන ලෙස ඔවුන්ගේ ඩිපෝ වලින් විදුලි හෝ BS-VI බස් රථ ධාවනයට එක කරන ලෙස ප්‍රාන්ත රජයන්ගෙන් දිල්ලි පරිසර ඇමති ඉල්ලා ඇති බවත් වාර්තා වේ.

ජාතික අගනුවර දුර්වල වායු ගුණාත්මක තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඉදිරි දින 15-20 තුළ වායු තත්ත්ව දර්ශකයේ අගය තීරණාත්මක වනු ඇති බව ඉන්දීය විද්‍යාඥයින් පවසයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )