ජනපති සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

ජනපති සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර හමුවක් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී සිදු විය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා පර්ත් නුවරට ගොස් සිටී.

Share This