භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කරයි

භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කරයි

මේ වන විට ආනයන සීමා පනවා ඇති භාණ්ඩ වලින් 300ත් 400 ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලබන සතියේදී ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

මේ වන විට ඩොලර් ඉල්ලුමට සාපේක්ෂව සැපයුම වැඩි වීම හේතුවෙන් රුපියල ශක්තිමත් වීම පදනම් කරගෙන මෙම ආනයන සීමා ලිහිල් කිරීම සිදුවන බවයි, අද (02) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.

කෙසේ වෙතත් දේශීය ආර්ථිකයට බලපෑමක් වන දේශිය වශයෙන් නිපදවන භාණ්ඩ ආනයන සීමා ඉවත් කිරීමේ අදහසක් නොමැති බවද අමාත්‍යවරයා එහිදී පැවසුවේය.