IMF සාමාජිකයින්ගේ රැස්වීමක් අද වොෂිංටන්හිදී

IMF සාමාජිකයින්ගේ රැස්වීමක් අද වොෂිංටන්හිදී

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)සාමාජිකයින් සහභාගීවන රැස්වීමක් අද (10)වොෂිංටන්හිදී ආරම්භ වෙයි.

ලබන 16 වැනිදා දක්වා පැවැත්වෙන එම රැස්වීම සඳහා මෙරට නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහභාගිවීමට නියමිතයි.

මෙම රැස්වීමේදී මෙරට ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

පසුගිය වසරේදී ජාත්‍යන්තර අරමුදලේ සහය ඉල්ලා සිටියේද මෙම රැස්වීමේදී බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ ය.

තවද රාජ්‍ය අමාත්‍යවරයා සිය නිල ගිණුමේ ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කරන්නේ, ණය තිරසාරභාවය සහතික කිරීම සඳහා සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමටත් ලබා ඇති ප්‍රගතිය තවදුරටත් ඉහළ නැංවීමටත් ශ්‍රී ලංකාවේ ජත්‍යාන්තර හවුල්කරුවන් සමඟ සහයෝගීතාව වැඩි දියුණු කිරීමට මෙම සහභාගීත්වය රටට මහඟු අවස්ථාවක් සලසනු ඇති බවය.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන ද මෙම හමුවට සහභාගී වීමට නියමිතය.

Share This