IMF ශ්‍රී ලංකාව පැසසුමට ලක් කරයි

IMF ශ්‍රී ලංකාව පැසසුමට ලක් කරයි

ශ්‍රී ලංකාව පිළිබද IMF විධායක මණ්ඩල දෙවැනි සමාලෝචනය අවසන් වීම සහ ‘ආටිකල් iv’ උපදේශනයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ නියෝජිත කණ්ඩායම පවත්වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (14) පැවැත්වුණි.

එහිදී, ශ්‍රී ලංකාව ණය තිරසරභාවය සඳහා මෙතෙක් ගනු ලැබූ සාර්ථක ක්‍රියාමාර්ග ගැන සහ රජයේ මූලිකත්වයෙන් අත් කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රශංසාව පළ කර තිබේ.

මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති මෙම මාධ්‍ය හමුවේදී, ශ්‍රී ලංකාව පිළිබඳ IMF ජ්‍යෙෂ්ඨ නියෝජිත පීටර් බෘෘවර් ඇතුළු කණ්ඩායම වොෂින්ටනයේ IMF මූලස්ථානයේ සිට මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නේය.

මෙහිදී බොයර් මහතා, පෙන්වා දුන්නේ, විදෙස් බැඳුම්කර ණය හිමියන් සමග පවතින එකඟතා නිසි ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය බවයි.

ශ්‍රී ලංකාව සංක්‍රාන්ති තත්වයක සිට ආර්ථික ස්ථායිකරණයක් වෙත යොමු වෙමින් සිටින මේ අවස්ථාවේ සියලු ක්‍රියාකාරකම් විධිමත්ව පවත්වා ගැනීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට ප්‍රමාණවත් ප්‍රගතියක් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.

Share This