හංවැල්ල සමූහ දූෂණ සිද්ධියේ 08 දෙනා රිමාන්ඩ්

හංවැල්ල සමූහ දූෂණ සිද්ධියේ 08 දෙනා රිමාන්ඩ්

හංවැල්ල ජල්තර ප්‍රදේශයේදී 16 හැවිරිදි ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයින් 08දෙනා එළඹෙන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුවන් අද (24) හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන වෙත ඉදිරිපත් කර තිබුණි.

හංවැල්ල පොලීසිය මගින් අදාළ සැකකරුවන් දූෂණය සිදු කිරීම, බලහත්කාරයෙන් රඳවා ගැනීම, පැහැරගෙන යාම සහ නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම යන චෝදනා හතරක් යටතේ චෝදනා ගොනුකර තිබුණි.

මේ වන විටත් අතවරයට පත් දැරිය රෝහල් ගතව ප්‍රතිකාර ලබන බැවින් අද (24) දින පැවැත්වීමට නියමිතව තිබූ හදුනා ගැනීමේ පෙරෙට්ටුව කල් තබා ලබන නඩු දිනයේදී පලමු සහ තුන්වන සැකකරුවන් දෙදෙනා හැර අනෙක් සැකකරුවන් හය දෙනා හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙසද මෙහිදී නියෝග කෙරිණි.

Share This