හජ් වන්දනාවේ ගිය 550ක් මියගිහින්

හජ් වන්දනාවේ ගිය 550ක් මියගිහින්

මෙවර හජ් වන්දනා සමයේ, ඊට සහභාගී වූ ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනකු දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සහ හජ් වන්දනාවේ දී සිදුවුණු තෙරපීම් හේතුවෙන් මියගොස් ඇති බව සෞදි රජය පවසයි.

මියගිය එම 550 දෙනාගෙන් 323 දෙනෙකු ඊජිප්තු ජාතිකයන් බවට වාර්තා වන අතර මොවුන්ගෙන් වැඩි දෙනා දැඩි ලෙස විජලනයට පත්ව සිට ඇති බව ද වාර්තා වේ.

දැඩි උණුසුම් කාලගුණය මැද බැතිමතුන් පොරකමින් වන්දනා කටයුතු සිදු කරද්දී, බොහෝ දෙනෙකු තෙරපී සිහිසුන් වූ බවත්, රෝහල්ගත කරන විටත් ඔවුන් මියගොස් සිටි බවත් සෞදි බලධාරීන් පැහැදිලි කර තිබේ.