ලබන වසරේ රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම් ගැන දැනුම් දීමක්

ලබන වසරේ රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම් ගැන දැනුම් දීමක්

ලබන වසර සඳහා රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සිදුනොකරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා.

ලබන වසර සඳහා ඇස්තමේන්තු පිළියෙල කිරීමේ දී ඒ සඳහා ප්‍රතිපාදන වෙන් නොකරන බවයි, ලේකම්වරයා සඳහන් කළේ.

මෙම වසරේ ජුනි මස 30 වන දිනට නිත්‍ය සේවක සංඛ්‍යාව පදනම් කරගනිමින් ලබන වසර සඳහා වැටුප්, වේතන සහ අනෙකුත් දීමනා ඇස්තමේන්තු සකස් කෙරෙන බව ද ඔහු කියා සිටියා.

කෙසේවෙතත් රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා වන බඳවා ගැනීම වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කෙරෙන බව සඳහන්.

ඒ, රාජ්‍ය සේවයේ බඳවා ගැනිමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතීත්තයෙන් යුතුව පත් කළ නිලධාරී කමිටුවේ නිර්දේශ අනුව එළඹ ඇති අමාත්‍ය මණ්ඩල තීරණ පරිදියි.

ඒ අනුව, මහා භාණ්ඩාගාර ලේකම්වරයා විසින් 2024 අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම සඳහා වන මාර්ගෝපදේශ මාලාවට එය ඇතුලත් කර තිබෙනවා.