හමාස් ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල වැසියන් 4ක් ජීවිතක්ෂයට

හමාස් ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල වැසියන් 4ක් ජීවිතක්ෂයට

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය පැහැරගත් ඊශ්‍රායල වැසියන් 4 දෙනෙකු හමාස් භාරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටියදී, ජිවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ බව අනාවරණය කර ගෙන තිබෙන්නේ, ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතුවල නිරත ඊශ්‍රායල හමුදාව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ, ඔවුන්ගේ සිරුරු තවමත් හමාස් සංවිධානය සතු බවයි. ජිවිතක්ෂයට පත්වූවන් අවුරුදු 85 / 80 / 79 හා 51 යන වයස්වල පසුවන්නන් බව ද සදහන් වේ..