GMOA වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

GMOA වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

හෙට (05) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එක්දින සංකේත වර්ජනය ලබන 21 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා සඳහන් කළේ, අද (04) දහවල් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවය.

මෙවර අයවැයෙන් සිය දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් හෙට (05) සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබුණේ.

“අද අපි තීරණය කළා හෙට දිනයේදී පවත්වන්නට නියමිතව තිබූ මෙම සංඛේත වැඩවර්ජනය කල්තබන්නට. මාර්තු 21 වනදා තුන්වන අයවැය කියවීම දක්වා.”

“වෛද්‍යවරුන් ඉල්ලන අමතර රාජකාරී දීමනාව පැවැති 1/80 අගය ඒ ආකාරයෙන් පවත්වා ගන්නත් නිවාඩු දින දීමනාව මූලික වැටුපෙන් 1/20 අගය ඒ ආකාරයෙන් පවත්වා ගන්න අවශ්‍ය සාධනීය මැදිහත්වීම කරන්න සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟ වුණා.”