GMOA රට පුරා වර්ජනයකට සැරසෙයි!

GMOA රට පුරා වර්ජනයකට සැරසෙයි!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනාව කප්පාදුව සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් රජයේ පාර්ශවයෙන් නොලැබුණෙහොත් අනිද්දා (05) සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයකට යාමට රජයේ නිලධාරීන්ගේ සංගමය අද (03) දින තීරණය කර තිබේ.

“2025 අයවැය හරහා වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි යෝජනාව මූලික වැටුපෙන් 1/80 සහ නිවාඩු දින දීමනාව මූලික වැටුපෙන් 1/20ක කියන අගයත් කප්පාදු කරලා. 1/80 වෙනුවට 1/120 ලබාදෙන බවත්, නිවාඩු දින දීමනාව 1/20 වෙනුවට 1/30 ලබාදෙන බවටත් තීන්දු තීරණ අරන් තිබෙනවා.

වෛද්‍යවරුන්ට හිමි අමතර රාජකාරි දීමනාව 1/80 නැවත ලබා දිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය.

මෙහිදී ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ, මාර්තු 06 වැනිදා වන විට මෙම නිවැරදි කිරීම සිදුනොවුවහොත් මාර්තු 07 වැනිදා සිට දැඩි තීන්දු තීරණ ගැනීමට රජයේ වෛද්‍ය නිලාරීන්ගේ සංගමය තීරණය කර ඇති බවය.