ගාසා තීරයේ ගොඩබිම් ආක්‍රමණයට සූදානම් – බෙන්ජමින් නෙතන්යාහු

ගාසා තීරයේ ගොඩබිම් ආක්‍රමණයට සූදානම් – බෙන්ජමින් නෙතන්යාහු

ගාසා තීරය ආක්‍රමණයට සූදානම් බවත්, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සියලු දෙනාට මරණය උරුම බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අනතුරු අඟවා තිබේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතමින් පැවසීය.

‘ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීම අපේ අරමුණයි. හමාස් සංවිධිනයේ පාලන බලය අපි බිඳ දමනවා. හමුදා ශක්තිය නැති කරනවා. අල්ලා ගත් ඊශ්‍රායල වැසියන් අපි මුදා ගන්නවා’ යැයි අග්‍රාමාත්‍ය නෙදන්යාහු ජාතිය අමතමින් පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ගොඩබිම් ආක්‍රමණය සිදුකරන්නේ, කුමන අවස්ථාවකදී ද යන්න සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා කිසිදු ඉඟියක් දී නොමැත.

එම අවස්ථාවට ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට්, අමාත්‍ය බෙනී ගෑන්ට්ස් සහ ආරක්ෂක කැබිනට් මණ්ඩලයේ ප්‍රධානීහු ද එක් වී සිටියහ.

ඊශ්‍රායලය මේ වනවිට ගාසා තීරය වට කර ඇති අතර, ඊශ්‍රායල හමුදා ගාසා දේශසීමාවේ රැඳී සිටින්නේ, ගාසා තීරයේ උතුරුදිග පළාත් හරහා පහර දෙමින් ගාසා තීරයට කඩා වැදී ආක්‍රමණය සූදානමින්ය.

ඊශ්‍රායල ගුවන් හමුදාව පසුගිය 7 වැනිදා එල්ල වුණු හමාස් ප්‍රහාරයෙන් පසු දිගින් දිගටම ගාසා තීරයට පහර දීම් සිදු කර තිබේ.

Share This