ගාල්ල – ඔරොප්පුවත්ත නගර සභා ටැංකියෙන් මුදල් පසුම්බි තොගයක් හමුවෙයි

ගාල්ල – ඔරොප්පුවත්ත නගර සභා ටැංකියෙන් මුදල් පසුම්බි තොගයක් හමුවෙයි

ගාල්ල – ඔරොප්පුවත්තේ නගර සභා ගොඩනැඟිල්ලේ අතහැර දමා තිබූ ජල ටැංකියක තිබී මුදල් පසුම්බි තොගයක් නගර සභාවේ සේවකයින් පිරිසකට හමු වී තිබෙනවා.

එලෙස හමුවූ මුදල් පසුම්බි තුළ ඒවායේ හිමිකරුවන්ට අයත් ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර, බැංකු කාඩ් පත්, සේවක හැඳුනුම්පත් ඇතුළු ලියකියවිලි රැසක් ද හමුව ඇති බවයි වාර්තා වන්නේ.

කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් විවිධ අවස්ථාවලදී සොරාගන්නා ලද මුදල් පසුම්බි, ඒවායේ තිබූ මිල මුදල් ලබාගැනීමෙන් පසු මෙලෙස ජල ටැංකියට දමන්නට ඇති බවටයි සැක පළකරන්නේ.

මෙලෙස සොයාගත් මුදල් පසුම්බි නගර සභා සේවකයින් විසින් ගාල්ල පොලිසියට භාරදීමට කටයුතු කර තිබෙනවා.

1 10

2 5

3 5

4 5

6 6

7 6

9 3

11 1

13

Share This