සැප්තැම්බරයේදී ඉන්ධන මිලේ සිදුවන වෙනසක් ගැන දැනුම් දීමක්

සැප්තැම්බරයේදී ඉන්ධන මිලේ සිදුවන වෙනසක් ගැන දැනුම් දීමක්

සිනොපෙක් ආයතනය සැප්තැම්බර් මස 20 වන දින වන විට ඉන්ධන මිල පහත දමනු ඇතැයි අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

එම සමාගම ඉන්ධන බෙදුම්කරුවන් 115 කට ආසන්න පිරිසක් සමඟ ගිවිසුම්ගතව ඇති බවයි, අමාත්‍යවරයා කියා සිටියේ.

සිනොපෙක් ආයතනය ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බොදැහැරීමේ කටයුතු සිදුකිරීම හේතුවෙන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට මාසිකව ඩොලර් මිලියන 60 කට ආසන්න වැයබරක් ඉතිරිකර ගැනීමට හැකි වනවා.

ඒ අනුව එහි වාසිය සැලකිල්ලට ගනිමින් QR ඛේත ක්‍රමය යටතේ රථවාහන සඳහා නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය ඉහළ දැමීමට හෝ එම ක්‍රමවේදය සම්පූර්ණයෙන් ඉවත් කිරීම පිළිබඳව ද ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ.