ඉන්ධන සහ රන් මිල හදිසියේ ම වෙනස් වෙයි

ඉන්ධන සහ රන් මිල හදිසියේ ම වෙනස් වෙයි

ඊශ්‍රායලය, ඉරානයේ ප්‍රදේශයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් සහ රන් මිල ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ඒ අනුව,  සිකුරාදා උදෑසන ආසියානු වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වා 3%කින් වැඩි වී ඇති අතර රන් මිල අවුන්සයක මිල දැක්වුණේ ඩොලර් 2,400ක් ලෙසටයි.

එම නව මිල මෑතකදී වාර්තා වූ වැඩිම මිල ලෙස දැක්වෙයි.

මේ අතර, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ආසියානු කොටස් සහ බැඳුම්කර අගය පහළ ගිය බවයි.

එසේම, ජපානයේ, හොං කොං සහ දකුණු කොරියාවේ කොටස් වෙළෙඳපොළ කඩා වැටී ඇති බව ද සඳහන් ය.

Share This