දකුණු කොරියාවට දරුණු ගං වතුර තත්වයක් – උමං මාර්ගයක මල සිරුරු 13ක්

දකුණු කොරියාවට දරුණු ගං වතුර තත්වයක් – උමං මාර්ගයක මල සිරුරු 13ක්

මධ්‍යම දකුණු කොරියාවේ චියොන්ජු නගරයේ පවතින ගංවතුර හේතුවෙන් උමං මාර්ගයක සිරවී සිටි ජනතාව බේරාගැනීමට ගිය සහනකරුවන් විසින් පුද්ගලයන් 13 කගේ සිරුරු සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පවතින දැඩි වර්ෂාව හමුවේ සෙනසුරාදා බිඳී ගිය වේල්ලක් හේතුවෙන් ගංවතුර තත්ත්වය තවත් දරුණු වූ අතර ඊට උමං මඟෙහි ගමන් කළ වාහන සහ ජනයා ගොදුරු වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මීටර් 685ක් වන උමඟ තුළ තවත් කොපමණ සංඛ්‍යාවක් සිරවී ඇත්ද යන්න නිලධාරීන් අනාවරණය කර නොමැති නමුත් වාහන 15 ක් තිබූ බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව පසුගිය සතිය තුළ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගංවතුර, නායයෑම් සහ විදුලිය විසන්ධි වීම් ද වාර්තා කර තිබෙනවා.

ගෙවුණු සති අන්තයේ ඇති වූ මෙම ගංවතුර තත්ත්වයෙන් පසු පුද්ගලයින් නව දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති බවත් බලධාරීන් සඳහන් කරනවා.

විපතට පත් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් විදෙස් මාධ්‍ය හමුවේ පවසා තිබුණේ පළාත් පාලන ආයතන ඵලදායි ලෙස ප්‍රතිචාර දැක්වූයේ නම් මරණ වළක්වා ගැනීමට ඉඩ තිබූ බවයි.

ඒ අනුව ඛේදවාචකයට පැය කිහිපයකට පෙර අනතුරුදායක ජල මට්ටම් පිළිබඳව අනතුරු ඇඟවීමක් කළ බවත්, එබැවින් උමං ප්‍රදේශය අවට ගමනාගමනය වෙනතකට යොමු කළ යුතුව තිබූ බවයි ප්‍රාදේශීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Heavy downpours leave 4 dead or missing in South Korea - The Korea Times

9 bodies are pulled from a flooded tunnel in South Korea as rains cause  flash floods : NPR

South Korea mobilizes to cope with flooding, landslides - CSMonitor.com

Thousands evacuate in S. Korea as heavy rains trigger flood, landslides |  Inquirer News

 

Share This