පන්නිපිටියේ කර්මාන්ත ශාලාවක ගින්නක්

පන්නිපිටියේ කර්මාන්ත ශාලාවක ගින්නක්

පන්නිපිටිය මහල්වරාව ප්‍රදේශයේ හඳුන්කූරු නිෂ්පාදන ආයතනයක් හා ඇඟලුම් කම්මලක් පවත්වාගෙන යන ස්ථානයක ගින්නක් හටගෙන ඇති බව මහරගම පොලිසිය පවසයි.

උදෑසන හතට පමණ මෙම ගින්න හටගෙන ඇති බව පොලිසිය කියයි.

ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැති අතර ඇඟලුම් කම්හලෙහි ගබඩා කර තිබූ ලක්ෂ ගණනක් වටිනා ඇඟලුම් ගිනිගෙන විනාශ වී ඇති බවත් හඳුන්කූරු නිෂ්පාදන ආයතනය දෙසට ගින්න පැතිර නොතිබූ බවක් පොලිසිය කියයි.

ගින්න හට ගැනීමත් සමග කෝට්ටේ ගිනි නිවන දෙපාර්තමේන්තුවේ ගිනි නිවන රථ 02 ජල බවුසර් තුනක් , කාර්යභාර නිලධාරී ඩී.ඩී සුනන්ද මහතා ඇතුළු ගිනිබටයින් දස දෙනෙකු සමග පැමිණ ගින්න නිමා දැමීමට උත්සාහ කරමින් සිටී.