සබරගමුව සරසවි සිසුන් 7 ක් අත්අඩංගුවට

සබරගමුව සරසවි සිසුන් 7 ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පිඨයේ සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට පහර දිමේ සිද්ධිය සම්බන්දයෙන් එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පවසයි.

සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන්ට එම පීඨයේම ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් ඉකුත් (09) වනදා රාත්‍රියේ විදුලිය විසන්ධි කර පොලු මගුරැවලින් පහර දිම හේතුවෙන් පහර කැමට ලක්ව තුවාල ලැබු සිසුවියක සහ සිසුන් දෙදෙනකු රෝහල් ගත කර ඇති බව පොලිසිය පැවැසීය.

එම සිසුන් පඔහින්න රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා බලන්ගොඩ මුලික රෝහල වෙත මාරැකර එවා ඇතැයි සමනල වැව පොලිසිය පැවැසීය.

තමන් පිටතින් ආහාර රැගෙන විත් කෘෂි විද්‍යා පීඨයේ ආපනශාලාවේ රාත්‍රි ආහාර ලබා ගනිමින් සිටියදී ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පැමිණි විදුලි විසන්ධිකර තමන්ට පොලු මගුරු වලින් පහර දුන් බවට පහර කැමට ලක් වු සිසුන් පොලිසිය වෙත පවසා තිබේ.

එදින රාත්‍රි 10. 30 ට පමණ මෙම පහර දීම සිදු කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අණාවරණය වී ඇති බවද සමනල වැව පොලිසිය පැවැසීය.

එක් සිසුවකුගේ මුඛයට පහර දීම හේතුවෙන් ඔහුගේ දත් වලට හානි සිදුව ඇති බව පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකාර සිසුන් අද (12) දිනයේ දී බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.