web hit counter
උඩරට දුම්රිය මාර්ගයේ ගින්නක්

උඩරට දුම්රිය මාර්ගයේ ගින්නක්

උඩරට දුම්රිය මාර්ගයේ රක්ෂිතයක ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම ගින්න සිඝ්‍රයෙන් පැතිර යමින් පවති බව ද ප්‍රදේශීය වාර්තාකරුවන් සඳහන් කරයි.

හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ස්තැඩන් වත්ත ප්‍රදේශයෙන් අද (23) පස්වරු 03 ට පමණ හටගෙන ඇති මෙම ගින්න උඩරට දුම්රිය මාර්ගයේ 106 ½ සැතපුම් කණුව අසලටම පැතිර ගොස් තිබුණි.

ඉලුක් සහිත එම රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තබන්නට ඇති බවට හැටන් පොලිසිය සැකකරයි.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් වල පවතින අධික වියළි කාලගුණයත් සමග රක්ෂිත වලට ගිනි තබන පුද්ගලයන් පිලිබදව තොරතුරු වෙතොත් ඒ පිලිබදව ළගම ඇති පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙස හැටන් පොලිස් කොට්ඨාස භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )